Wednesday, August 30, 2023

AI Teacher

Artificial Intelligence

පරිගණක තාක්ෂණය අද භාවිතා කරන්නේ කෘත්‍රිම බුද්ධියයි. කෘත්‍රිම බුද්ධිය  Artificial Intelligence ලෙස හඳුන්වන අතර වර්තමානය වන විට විවිධ මෙවලම් මෙතුළින් නිර්මාණය වී ඇත. 

නමුත් බොහෝ දෙනෙකුට මෙම අත්දැකීම් අත්විඳීමට නොහැකි වී ඇත. 2023 වර්ෂය ආරම්භයත් සමග අන්තර්ජාලය භාවිතා ⁣කරන බෙහෝ දෙනෙකුට කෘත්‍රිම බුද්ධියේ අත්දැකීම් ලබා ගැනීමට Chat GPT නම් යෙදුම භාවිතා කල හැක. මෙය නොමිලේ ලබා දෙන පහසුකමකි. ඒ තුළ විවිධ යෙදුම් නිර්මාණය වී ඇත. AI Teacher එවන් යෙදුමකි.

Let's talk in English  

ඉංග්‍රීසි භාෂාවෙන් කතා කිරීම සඳහා ඔබගේ සහායට කෘත්‍රිම බුද්ධිය යොදා ගත හැකි යෙදුමකි AI Teacher. මෙය eLearning ආයතනය මගින් ලබා දෙන පහසුකමකි. ඒ සඳහා වෙබ් අඩවියට පිවිස අදාළ User Name හා Password ලබා දී Login විය යුතුය. අදාල තොරතුරු අවසානයේ දක්වා ඇත.

 වෙබ් අඩවියට පිවිසෙන විට දක්නට ලැබෙන්නේ 

Friday, May 29, 2020

සයිබර් අවකාශය තුල සිදුකරන හිංසනය

අන්තර්ජාලය තුල ඇති අවධානම්කාරී තත්ත්වයන්

අන්තර්ජාලය අධ්‍යාපනික,සාමාජීය වශයෙන් තරුණ ප්‍රජාව සදහා බොහෝ ප්‍රයෝජනවන් වන නමුත් අවාසනාවන්ත ලෙස අවධානම්කාරී වන අවස්ථා ද නැතුවා නොවේ . අන්තර්ජාලය භාවිතා කිරීම, සමාජ මාධ්‍යය හා ජංගම දුරකතන වැනි ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ උපාංග භාවිතා කිරීම තුල යෞවනයන් නොයෙකුත් අවධානම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙයි.
අන්තර්ජාලය යෞවනයන්ට ප්‍රයොජනවත් වුවත් ක්ෂණික පණිවුඩ හුවමාරුව , කථාබහ (Chat Rooms ) , විද්‍යුත් තැපැල් , සමාජ මාධ්‍ය ජාලා බොහෝ විපත් වලට මග පාදයි.

සයිබර් අවකාශය තුල සිදුකරන හිංසනය

සයිබර් අවකාශය තුල සිදුකරන හිංසනය යනු හිතාමතා සාපරාධී ලෙස කෙනෙකු ඉලක්ක කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික  තොරතුරු හානිදායක  හා අපහසුතාවයට  පත්වන අන්දමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඍජුවම වින්දිතයා ඉලක්ක කර ගනිමින් පණිවුඩ යවන කණ්ඩායම් අතරේ හුවමාරු කර ගැනීමයි.

සයිබර් අවකාශය තුල හිංසනයට ලක්වන විවිධ ආකාර

අපකීර්තියට පත්කිරීම 

අන්තර්ජාලය භාවිතයෙන් කෙනෙකු ගේ පිළිගැනීමට , විශ්වාසනීයත්වයට සහ කීර්තියට හෝ මිත්‍ර සම්බන්ධතාවලට හානිවන පරිදි  ඔහු හෝ ඇය සම්බන්ධයෙන් ඕපාදූප , කටකතා සමාජ මාධ්‍ය ජාලා තුල පළකිරීමයි.

අතවර 

නැවත නැවතත් වෛර සහගත ලෙස අපහාසාත්මක පණිවුඩ යැවීම .

තොරතුරු බැහැරගත කිරීම 

අන්තර්ජාලය හරහා පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු හෝ ඡායා රූප බෙදා හැරීම .

වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටීම 

වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඔහු හෝ ඇය සතු පිළිගැනීම ,විශ්වාසනීයත්වය හා කකීර්තියට හානිකර අන්දමේ පණිවුඩ ,දර්ශන ,වීඩියෝ පට,ආදිය හුවමාරුව හා පළකිරීම .

අන්තර්ජාලය හා අදාළ විද්‍යුත් උපාංග භාවිතා කරමින් පුද්ගලයන් හිරිහැරයට ලක්කිරීම හා බිය වැද්දීම

සමාජ මාධ්‍ය ජාලා හෝ දුරකතන භාවිතා කරමින් හිරිහැරයට ,අපහසුතාවට තර්ජනය කිරීම්වලට ලක්වන අවස්ථා ඇත. මේ සදහා තර්ජන, අපහාසාත්මක හා අසභ්‍ය ප්‍රකාශයන්, දර්ශන භාවිතා කරයි .



Tuesday, May 12, 2020

සමාජ මාධ්‍ය භාවිතය (using social media )



ශ්‍රී ලංකාව තුල තරුණ ප්‍රජාව ඉතා සීග්‍රයෙන් සමාජ ජාලා වෙබ් අඩවි භාවිතා කිරීම වර්ථමානය තුල දැකිය හැක.ඒ අතර Facebook , Whatsapp, Viber, Google+, Skype, Twitter, Snapchat, Pinterest, Flicker, Line, Blogger, lmo, Youtube, Linkedln, Instagram වැනි පුළුල් පරාසයක් තුල සමාජ මාධ්‍ය ජාලා භාවිතා කිරීමේ අවස්ථා පරිශීලකයන්ට ලැබී ඇත.ඒවා අතරින් ශ්‍රී ලාංකික තරුණ ප්‍රජාව අතරේ වඩාත් ජනප්‍රියම  සමාජ මාධ්‍යය ෆේස්බුක් Facebook  බව Srianka CERT ආයතනය අනාවරණය කර ගෙන ඇත.


එමෙන්ම ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ගෙන් 50% ක් දිනකට පැය 1-5 ත් අතර කාලයක් සමාජ මාධ්‍ය ජාලය භාවිතා කරන අතර ,10% ක ප්‍රතිශතයක් පැය 6 කට  වැඩි කාලයක් සමාජ මාධ්‍ය ජාලා වෙබ් අඩවි භාවිතා කරන බව සොයා ගෙන ඇත.

පසු ගිය වසර 8 ක කාලය තුල Srianka CERT  ආයතනයට වාර්තා වූූූ පැමිණිලි අනුව අන්තර්ජාලය ජාලය භාවිතයෙන් සිදුකරන හිංසන ,තර්ජන ,ලිංගික සූරාකෑම ආදී සිද්ධීන් වඩා ඉහළ අගයක් ගන්නා බව පෙන්වා දී ඇත.

AI Teacher

Artificial Intelligence පරිගණක තාක්ෂණය අද භාවිතා කරන්නේ කෘත්‍රිම බුද්ධියයි. කෘත්‍රිම බුද්ධිය  Artificial Intelligence ලෙස හඳුන්වන අතර වර්තමා...