අන්තර්ජාලය තුල ඇති අවධානම්කාරී තත්ත්වයන්
අන්තර්ජාලය අධ්‍යාපනික,සාමාජීය වශයෙන් තරුණ ප්‍රජාව සදහා බොහෝ ප්‍රයෝජනවන් වන නමුත් අවාසනාවන්ත ලෙස අවධානම්කාරී වන අවස්ථා ද නැතුවා නොවේ . අන්තර්ජාලය භාවිතා කිරීම, සමාජ මාධ්‍යය හා ජංගම දුරකතන වැනි ඩිජිටල් තාක්ෂණය හා සම්බන්ධ උපාංග භාවිතා කිරීම තුල යෞවනයන් නොයෙකුත් අවධානම්කාරී තත්ත්වයන්ට මුහුණ දෙයි.
අන්තර්ජාලය යෞවනයන්ට ප්‍රයොජනවත් වුවත් ක්ෂණික පණිවුඩ හුවමාරුව , කථාබහ (Chat Rooms ) , විද්‍යුත් තැපැල් , සමාජ මාධ්‍ය ජාලා බොහෝ විපත් වලට මග පාදයි.
සයිබර් අවකාශය තුල සිදුකරන හිංසනය
සයිබර් අවකාශය තුල සිදුකරන හිංසනය යනු හිතාමතා සාපරාධී ලෙස කෙනෙකු ඉලක්ක කර ගනිමින් ඔහුගේ හෝ ඇයගේ පුද්ගලික තොරතුරු හානිදායක හා අපහසුතාවයට පත්වන අන්දමින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ඍජුවම වින්දිතයා ඉලක්ක කර ගනිමින් පණිවුඩ යවන කණ්ඩායම් අතරේ හුවමාරු කර ගැනීමයි.
සයිබර් අවකාශය තුල හිංසනයට ලක්වන විවිධ ආකාර
අපකීර්තියට පත්කිරීම
අන්තර්ජාලය භාවිතයෙන් කෙනෙකු ගේ පිළිගැනීමට , විශ්වාසනීයත්වයට සහ කීර්තියට හෝ මිත්‍ර සම්බන්ධතාවලට හානිවන පරිදි ඔහු හෝ ඇය සම්බන්ධයෙන් ඕපාදූප , කටකතා සමාජ මාධ්‍ය ජාලා තුල පළකිරීමයි.
අතවර
නැවත නැවතත් වෛර සහගත ලෙස අපහාසාත්මක පණිවුඩ යැවීම .
තොරතුරු බැහැරගත කිරීම
අන්තර්ජාලය හරහා පුද්ගලයකුගේ පෞද්ගලික තොරතුරු හෝ ඡායා රූප බෙදා හැරීම .
වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටීම
වෙනත් පුද්ගලයකු ලෙස පෙනී සිටිමින් ඔහු හෝ ඇය සතු පිළිගැනීම ,විශ්වාසනීයත්වය හා කකීර්තියට හානිකර අන්දමේ පණිවුඩ ,දර්ශන ,වීඩියෝ පට,ආදිය හුවමාරුව හා පළකිරීම .
අන්තර්ජාලය හා අදාළ විද්‍යුත් උපාංග භාවිතා කරමින් පුද්ගලයන් හිරිහැරයට ලක්කිරීම හා බිය වැද්දීම
සමාජ මාධ්‍ය ජාලා හෝ දුරකතන භාවිතා කරමින් හිරිහැරයට ,අපහසුතාවට තර්ජනය කිරීම්වලට ලක්වන අවස්ථා ඇත. මේ සදහා තර්ජන, අපහාසාත්මක හා අසභ්‍ය ප්‍රකාශයන්, දර්ශන භාවිතා කරයි .
No comments:
Post a Comment